කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා.
වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාඇති බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී සියයට 25ක ප්‍රගතියක් වාර්තා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.