කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය තේරී පත්ව තිබෙනවා.
ඒ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් දෙකෙන් කෙනෙක් තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබාගනිමිනි.
විපක්ෂයෙන් යෝජනා වූ රීසා සරුක් මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 51ක් පමණයි.
ඒ අනුව වැඩි ඡන්ද හතකින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස තේරී පත්වූවා.
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය අද ආරම්භ කෙරුණේ බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණා.
ඒ ජාතික ජන බලවේගය රහස් ඡන්දයක්ද සමගි ජන බලවේගය විවෘත ඡන්දයක්ද ඉල්ලා සිටීම හේතුවෙන්.
කෙසේ වෙතත් පසුව සියලු දෙනාගේ එකඟතාවය මත රහස් ඡන්දයක් පැවැත්වූවා.