වයඹ, උතුරුමැද, නැගෙනහිර යන පළාත්වලට මෙන්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මොනරාගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අද (19) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර වසරේ මේ දක්වා වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 ඊයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතිනවා.
නමුත් ඊයේ කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබුණා.