කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදුවුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

කොළඹ ආරක්ෂක සමුළුමේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව , ඉන්දියාව , මාලදිවයින සහ මොරිෂස් යන රටවල් එක්වයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

මෙම අවස්ථාවට ඉන්දීය සහ මාලදිවයින් ආරක්ෂක උපදේශකවරුන් ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති උපදේශක සාගල කාරියවසම් මහතා පැවසුවේ බාහිර තර්ජනවලින් ඔබ්බටගොස් තාක්ෂණික දියුණුවත් සමග ඇතිවන අභියෝග ජයගත යුතු බවයි.

WhatsApp Group

Skip to content