සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඔක්තෝම්බර් 6 වන දා සිට ආරම්භ වනවා.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර අඅඅගිරසක්බන්ජරසජනැඑගකන වෙබ් අඩවිය වෙත පිවිස මිල දී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එමෙන්ම ඔක්තෝබර් 10 වැනිදා සිට ප්‍රවේශපත්‍ර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවල දී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කරනු ලබනවා.

එමෙන්ම ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියී.

මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

WhatsApp Group

Skip to content