කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔත්තුකරුවෙකු විසින් අමාත්‍ය ටිරාන් අලස් මහතාට යොමුකරන ලද ලිපියකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සදහන්.

රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලද තොරතුරකට අනුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනි අවියක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content