බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජන වීමෙන් පසු සියදිවි හානිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතරල ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමට හා සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමට කටයුතු සිදු කර ඇති බව සදහන්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළා.
කොටහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය පසුගියදා මහල් 07 කින් යුත් ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානිකරගෙන තිබුණා.