කොකේන් මත්ද්‍රවය සග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ හිරණ, ගල්තුඩේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 20ක ප්‍රමාණයක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කාර් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 38ත් 46ත් අතර වයස්වල පසුවන බඩෝවිට, ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.