ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා ලබන මැයි මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරතකර සිටි එක් සැකකරුවෙකු ඊයේ ඇප මත මුදාහැර තිබුණා.
මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතායි.