හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
හිටපු අමාතය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව අද යළි කැඳවූවා.
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මෙහි සෙසු විත්තිකරුවන් වනවා.
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නවලක්ෂ අනූදහසක් වැයකර ජී අයි බට 600 ක් මිලදිගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වි ඇත්තේ.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














