සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහුව අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය තොරතුරු ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවටයි වාර්තා වන්නේ
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මොහුට රතු වරෙන්තුද නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඇතුලු තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
පොලිසිය සදහන් කලේ මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි.