ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලිස් භාරයට ගත් බවයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(26) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content