කුඩු සළිඳු නමින් හදුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද සැකකරුට වරෙන්තු නිකුත් කළා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කලේ සැකකරු ඇප ලබා සිටියදී අවිධිමත් ආකාරයෙන් විදේශ ගත වීමකට අදාළව සිදු කරන විමර්ශනයකට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදීයි .
සැකකරු පිළිබද ව අන්‍යෝන්‍ය ආධාර සම්මුති පනත යටතේ විමර්ශණ වලින් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කරමින් ඇපකරුවන්ට නොතිසි නිකුත් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස ද මෙහිදී නියෝග කළා.