කුකුළු මස් මිල පහළ දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා .
ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු නිෂ්පාදකයන් එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර කුකු`ඵ මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.
නිෂ්පාදන පිරිවැය වැඩිවීම හැර කුකු`ඵ මස් හිඟයක් රට තුළ නොපවතින බවටයි ඔහු අවධාරණය කරන්නේ.