මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම රන් භාණ්ඩ සහ මුදල් අස්ථාන ගත වී ඇති බව සඳහන් කරමින් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි ජයසීලී අම්මාන් නමැති කාන්තාවක බවයි සඳහන් වන්නේ. තමා සන්තකයේ තිබූ රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සහ කැනඩා රජයේ මුදල්, ඇමරිකානු ඩොලර් මෙන්ම ශ්රී ලංකා මුදල්ද අස්ථානගත වී ඇති බවයි ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය අවුරුදු 34 ක් පමණ වයසැති සුවදි නීලන් නමැති කාන්තාවක සැක කටයුතු ලෙස හඳුනාගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී එම කාන්තාව සතුව තිබී රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක රන් භාණ්ඩ, කැනඩා ඩොලර් 600 ක්, ඇමරිකානු ඩොලර් 1,500 ක්, ශ්රී ලංකා රුපියල් හය ලක්ෂ 55,000 ක මුදලක් සහ පවුම් 18 ක පමණ රන් භාණ්ඩ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- අලුතින් පත් කෙරුණු පොහොට්ටු සංවිධායකවරු
- හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගමට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි
- ට්රම්ප්ගේ බදු අඩු කිරීම ගැන එජාපයෙන් නිවේදනයක්
- ජපාන ක්රිකට් කණ්ඩායම දිවයිනට
- ලොකු පැටී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- බදුල්ල – එළදළුව කන්දේ ගින්නක්
- ඇමරිකාව පනවා තිබු තීරු බදු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මන්ත්රී හර්ෂගෙන් ප්රකාශයක්
- හිටපු ඇමැති එස්.එම්.ට ඇප