මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම රන් භාණ්ඩ සහ මුදල් අස්ථාන ගත වී ඇති බව සඳහන් කරමින් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ජයසීලී අම්මාන් නමැති කාන්තාවක බවයි සඳහන් වන්නේ. තමා සන්තකයේ තිබූ රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සහ කැනඩා රජයේ මුදල්, ඇමරිකානු ඩොලර් මෙන්ම ශ්‍රී ලංකා මුදල්ද අස්ථානගත වී ඇති බවයි ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය අවුරුදු 34 ක් පමණ වයසැති සුවදි නීලන් නමැති කාන්තාවක සැක කටයුතු ලෙස හඳුනාගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී එම කාන්තාව සතුව තිබී රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක රන් භාණ්ඩ, කැනඩා ඩොලර් 600 ක්, ඇමරිකානු ඩොලර් 1,500 ක්, ශ්‍රී ලංකා රුපියල් හය ලක්ෂ 55,000 ක මුදලක් සහ පවුම් 18 ක පමණ රන් භාණ්ඩ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














