අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයේ නොගුජි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් සෞඛ්‍ය ලේකම් හමුවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට රෝහල් තුල ක්‍රියාත්මක කරනු ලබන තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල නිරික්ෂණය, අධීක්ෂණය, තොරතුරු ලබාගැනීම සහ පුහුණුව ලබාගැනීම සදහා ගානා හි නොගුජි Noguchi වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් පසුගියදා මෙරටට පැමිණි අතර, එම නිලධාරි පිරිස අද පෙරවරුවේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමු හමුවිය.
එහිදී එම නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක ඉහත වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ අතර, ලොව දියුණුවෙමින් පවතින රටවලට එම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කම ද පෙන්වා දෙන ලදි.
දස දෙනෙකුගෙන් යුත් එම නියෝජිත පිරිස දින 10 ක් මෙරට රැදී සිටිමින් මෙරට රෝහල්තුල ක්‍රියාත්මක තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල පිළිබදව දැනුම සහ පුහුණුව ලබාගැනිමට නියමිතය. ඒ අනුව ඊට අදාල ඉදිරි සැළසුම් ලංකාවේ දි පිළියෙල කෙරෙනු ඇත.