හලාවත, කරවිට වැවෙහි මසුන් ඇල්ලීමට තෙප්පමකින් ගමන් ගත් පුද්ගලයෙක් අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කරවිට වැවේ මසුන් ඇල්ලීම සඳහා තෙප්පමකින් ගිය පුද්ගලයා තෙප්පම පෙරළී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන මුන්ගන්දළුව, ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීමට හලාවත පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා.