කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට ආයුධයකින් පහරදීම සඳහා උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් ඉන් සැකකරු තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.
තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.