කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ අභිනවයෙන් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරුණා.
ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ආරාධනයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 289 ක් වැය කරමින් මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ජනතාව වෙත වඩාත් ප්‍රශස්ත සේවාවක් ලබාදිමේ අරමුණින් ඉදිකර තිබෙනවා.
පොලිස් සේවාවේ සහ නීතිය බලාත්මක කිරිමේ ආයතන වල නිලධාරින්ගේ වෘත්තියමය බව වර්ධනය කිරිම සඳහා පහසුකම් සැලසීමත් මෙහි අරමුණක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.