ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
ඒ කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මෙන්ම බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර තරග දෙක පැවැත්වීමට නියමිතයි.
මේ වන විට ඒ කාණ්ඩාය යටතේ තරග වදින එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕමාන ක්‍රිකට් කණ්ඩායම සමත්වූවා.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව මේ නව ිටව පන්දුවාර පහක් අවසානයේ එක්සත් අරාබි එමිර් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 50ක් ලබාගෙන සිටිනවා.
ආරම්භක පිතිකරුවන් වන Alishan Sharafu සහ නායක Muhammad Waseem නොදැවී පිළිවෙළින් ලකුණු 31ක් සහ 16ක් ලබාගෙන සිටිනවා.
තරගය පැවැත්වෙන්නේ අබුඩාබි හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසිනි.