ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති අතර, ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 103,087ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,977ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 52,632ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 601ක්ද පවතින බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා මෙරටට බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










