ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අවසානයේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වනවා .

මෙම එට්කා ගිවිසුම සම්බන්ධ ලිපියක් ”ද හින්දු” පුවත්පත පල කර තිබුනා .

එම පුවත්පත් වාර්තාකර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බවයි .

මෙම සාකච්චා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ බවයි වාර්තා වන්නේ .

කෙසේ වෙතත් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයක කාලයකට ආසන්න බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවත්, ද හින්දු පුවත්පතේ සදහන් .

WhatsApp Group

Skip to content