අමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාතියේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඇතිව තිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට තමන් කටයුතු කරන බවයි.

එහිදි ජනාධිපතිවරයා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉහළ මට්ටමක පවතින බැවින් වර්තමානයේ එම තත්ත්වය තුරන් කිරීමට කටයුතු කළ යුතු බවටයි සමුළුවේදී අවධාරණය කර සිටියේ.

එමෙන්ම දේශගුණික විපර්යාස, වසංගත වැනි අර්බුද ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට දේශගුණික ප්‍රයත්නයක් ඉදිරියට ගෙන යාමට බාධාවක් වනු ඇති බවට ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක් ද පවත්වා තිබෙනවා.

ජනාධිපතිවරයා සහ මහාලේකම්වරයා අතර මෙම හමුව අද එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු වී ඇති බව සඳහන්.

මෙම සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයින් රැසක් සමග තිරසර රටක් ගොඩනැගීමට සාකච්ඡා කළ බවටයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content