2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා .
ඒ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.
ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යවවිමට තීරණය කළා .
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 යි පන්දු 04 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69 ක් පමණයි .
ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්ත කාන්තා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 70 ක්.
එම ඉලක්කය පන්දුවාර 14 යි එක් පන්දුවක් අවසානයේ පසු කර යාමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














