ව්‍යාජ ආරක්ෂිත මුද්දර යොදා ගනිමින් කාන්තාවන් දෙදෙනෙක් ඕමානය වෙත යැවීමට අනුබල දීමේ චෝදනාව මත කොළම ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචි උම්මා අක්කා නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.

විදේශ රැකියාලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශ ගත වීමට උත්සහකල කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපල නිළධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකරන ලදී.

මෙහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ උම්මා අක්කා නැමැති කාන්තාවක් පිළිබදව අණාවරණය කරගෙන ඇති අතර, යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම කාන්තාවගේ නිවසේ මාස එකහමාරක කාලයක් නැවතී සිට ඇත. 

මොවුන් දෙදෙනාට විදේශ ගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම  උම්මා අක්කා නම් කාන්තාව සිදුකර දීඇති අතර  විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිළධාරීන් පසුගිය 26 දින ඇයව අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්  මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මීට තවත් පුද්ගලයකු සම්බන්ධ බව පවසා ඇතත් ඔහුගේ තොරතරු විමර්ශන නිළධාරීන්ට පැවසීමට ඇය අපොහොසත් වී තිබෙනවා. සැකකාරිය මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වනදින දන්වා රක්ෂිත බන්ධනාගාර ගත  කෙරුණා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ සරත් විමලවීර, මිහිරාජ් චාමින්ද , එම් කේ සුමනවීර, කේ එල් එන් දමයන්ති, ගයේශා සුභාෂිනි යන නිලධාරීහු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී .

 

WhatsApp Group

Skip to content