උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අදාළ ස්ථානීය පරීක්ෂාව හා ආයතන අතර එකඟත්වය ඇති කර ගෙන තිබෙනවා.
අනුරාධපුර නගරයේ ඉදිකිරීමට යෝජිත උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා ඉඩම් පරික්ෂාව හා ආයතන අතර එකඟත්වයක් ඇති කර ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණා.
කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක, මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න, සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
කඩිනමින් අදාළ ආයතන අතර සහයෝගීතාවක් ගොඩනැගීමයි මෙම චාරිකාවේ අරමුණ වී ඇත්තේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඉදිරියේදි මෙම කාර්ය සඳහා පරිහරණයට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
අනුරාධපුර දුම්රිය ස්ථානය හා උතුරු බහුවිධ මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීමත් මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු වනවා.
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
- නුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
- ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –
- අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
- රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්













