ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්රජන් ව්‍යාපෘතියක්, කිර්ය්ත්මක කල යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති වරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළා.
මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය ඊයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ .
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා .
කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්වල හරිත හයිඩ්රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්රජන් බලශක්ති ක්‍රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා .
උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
එවැනි ව්‍යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්‍ර රැක ගැනීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළා .
මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්රයේ අනාගත තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුනා.