උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා.

උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ල මෙසේ වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ දෙරට අතර සම්බන්දතා සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණින්.

කොරියානු මහජන හමුදාව පවසන්නේ මෙය යුද්ධයක් ඇති වීම වැලැක්වීම සඳහා ගත් ස්වයං ආරක්ෂක පියවරක් බවයි.
දකුණු කොරියාව ඇමරිකාව සමග යුද අභ්‍යාසවලට එක්වීමද මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරනවා.

දකුණු කොරියාවට දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග කලාතුරකින් භාවිතා වන අතර පසුගිය වසර පුරා උතුරු කොරියානු බලධාරීන් එම මාර්ග කඩා ඉවත් කර තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් 2023 වසර ආරම්භයේදී නිවේදනය කළේ,කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් නැවත ආරම්භ විය හැකි බවයි.

ඒ හේතුවෙන් දකුණ සමඟ යළි එක්සත් වීමට තවදුරටත් උත්සාහ නොකරන බවයි එහොදී ඔහු පවසා ඇත්තේ.

WhatsApp Group

Skip to content