උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.
ඒ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ දෙපසටම ධාවනය වන සියලු දුම්රිය සුළු ප්රමාදයක් සහිතව ධාවනය වන බවයි.
මේ වන විට ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.