ලෙබනනයේ මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඝාතනයට ලක් වූ හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායකයාගේ ඥාතියෙකුට සහ එම සංවිධානයේ තවත් ඉහළ පෙලේ නායකයෙකු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රහාරයෙන් හානියක් සිදු වී ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content