ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සරණාගත කඳවුරේ විශාල පවුල් සංඛ්‍යාවක් ජීවත්වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් විශාල පිරිසක් රෝහල් ගත කර ඇති අතර, කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් එම පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content