ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබුණා.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැඳී සිටියදී හමුවී ඇති බවයි සඳහන්.
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුනා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














