ගාසා තීරයට, යළිත් ආහාර ආධාර ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.
සති 10 ක පමණ කාලයක් ගාසා තීරයට ආහාර ලබාදීම අවහිර කර තිබුනා.
කෙසේවෙතත් මෙම අර්බුදය අවසන් කරමින් ආහාර රථ සදහා ගාසා තීරයට ඇතුලු වීමට ඉඩ ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.
ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ඔවුන් ගාසා තීරය පුරා යළිත් මෙහෙයුම් ආරම්භ කර පැය කිහිපයකට පසුවයි.
කෙසේ වෙතත්, මේ වන විට ගාසා තීරයේ මිලියන 2 දශම 1 ක ජනතාවක් අතර සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආධාර ආයතන අනතුරු අඟවා තිබෙනවා.