සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා.
මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා වැඩම කිරීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය හැදින්විය හැකියි.
මේ අතර,ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් වී එෆ් එම් සාධු නාද විශේෂ සජීවී වැඩසටහන අද දවස පුරා පැවැත්වෙනවා .
මෙවර වී එෆ් එම් සාධු නාද විශේෂ වැඩසටහන පැවැත්වෙන්නේ අම්පාර උහන , මාලිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේදීයි .
ඒ අනුව අද පෙරවරු 6.00 සිට රාත්‍රී 7.00 දක්වා ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පවත්වනු ලබනවා.
උදෑසන 6.00 ට උපාසක උපාසිකාවන් ශීල සමාධානය කරවීම සිදු කරුණු අතර උදෑසන 8.00 ට හිමිදිරි දේශානාව පැවැත්වීමට නියමිතයි .
උදෑසන 9 ට ලා දළු බෝපත් සදහම් මණ්ඩපය පැවැත්වෙන අතර සම්බුද්ධ පූජාව උදෑසන 11 ට සිදු කරනු ලබනවා.
පස්වරු 1.00 ට අමාගගුල සදහම් සභාව පැවැත්වීමට නියමිතයි.
පස්වරු 04ට යුගාසන කාව්‍යමය ධර්ම දේශනයත් ,පස්වරු 5ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීමටයි කටයුත්තු සූදානම් කර තිබෙන්නේ.
ඉල්පුර පසළොස්වක පොහෝදා සාධු නාද සජීවී පොහොය වැඩසටහන වී.එෆ්.එම් 107 නාලිකාවෙන් ඔබට ශ්‍රවණය කල හැකියි.













