ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ජන්ටිනා සංචාරයේදී එරට ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ ඩ්‍රෝන් තාක්‍ෂණය වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් දෙපොළ අතර සිදු වූ ද්විපාර්ශ්වික හමුවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් පී. කුමාරන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි අතර සංවාදය ඩ්‍රෝන යානා භාවිතය සහ ඒවා යෙදිය හැකි බහුවිධ අරමුණු ඔස්සේ සැලකිය යුතු ලෙස පැවැති බවයි. මෙහිදී විශේෂයෙන්ම මසුන් ඇල්ලීමේදී නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම යන ගැටලු හමුවේ ධීවරයින් ආර්ජන්ටිනාවේ සුවිශේෂී ආර්ථික කලාප ආක්‍රමණය කිරීම සඳහා එය භාවිතා කිරීම පිළිබඳද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













