කුවේටයේ ඉන්දීය තානාපති ආදර්ශ් ස්වයිකා සහ එරට ඔටුන්න හිමි කුමරු වන ප්‍රධානී ෂෙයික් අහමඩ් අබ්දුල්ලා ජබර් අල්-සබා හමුවී තිබෙනවා.
එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතාවල අනාගත අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්ත්වය සහ රටවල් ද්විත්වය හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම්වරයෙකු වන ආදර්ශ් ස්වයිකා 2022 ඔක්තෝම්බර් මාසයේදී කුවේටයේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුව.
ඒ ඉන්දියාව සහ කුවේටය අතර සබඳතාව ගැඹුරු වෙමින් පවතින මොහොතකදීයි.