ඉන්දියාව, ලිතුවේනියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව පසුගියදා ඉන්දියාව, ලිතුවේනියාවේ විල්නියස් අගනුවරදී සිය තානාපති කාර්යාලය විවෘත කර එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා .

ලිතුවේනියාවේ ක්‍රියාත්මක සිය මෙහෙයුම් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පැවසුවේ සබඳතා ශක්තිමත් වීම සතුටට කරුණක් බවයි.

නේවාසික දූත මෙහෙවර හරහා ඉන්දු -ලිතුවේනියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ හරහා දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ ආර්ථික කටයුතුවල වර්ධනයට ඉඩ සැලසීමට මෙන්ම ජනතාව අතර ශක්තිමත් සම්බන්ධතාවලට පහසුකම් සැලසීමට අවස්ථාව හිමිවනු ඇතැයි ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content