ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්ථානය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය හා දේශපාලන අස්ථාවරත්වය මෙන්ම තලෙයිබාන් සංවිධානය කාන්තාවන්ට පනවා ඇති දැඩි නීතිරිතී හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සදහන්.
එරට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන බොහෝ සිසුවියන් සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවයි ආචාර්යවරුන් සදහන් කරන්නේ.
එමෙන්ම තලෙයිබාන් සංවිධානය, කාන්තාවන්ට උසස් අධ්‍යාපනය හැදැරීම තහනම් කිරීම ඔවුන්ගේ ජිවිත මෙම අර්බුදකාරී තත්ත්වයට ඇද දැමීමට හේතුවී තිබෙනවා.