ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මධ්‍යස්ථාන 48කදීයී.

ඊට අදාළ ඡන්ද පෙට්ටි මේ වන විට මධ්‍යස්ථා කරා ප්‍රවාහනය කර අවසන්.

මැතිවරණයට අදාළ නිලධාරීන් ද, මේ වන විට අදාළ ඡන්ද මධ්‍යස්ථා වෙත වාර්තා කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අද රාත්‍රි 10 පමණ වන විට ලබා දියහැකි බවයි.

 

WhatsApp Group

Skip to content