මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA) ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක් ……
ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා ශ්‍රී ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක” ලොරි රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රධානය කිරීම පසු ගිය දින එහිදී සිදුවිය.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා ශාන්තිකර කළාපයේ අධ්යක්ෂ පියෝ ස්මිත් (pio Smith), ජපන් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කත්සුතී කොටාරෝ යන මහත්වරුන් විසින් ප්‍රධානය කරන ලදී .
ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් හදිසි නාරිවේද පහසුකම් වලින් සමන්විත වන පරිදි “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක” ලොරි රථ සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය මැදිරියකින් සමන්විත වේ . නාරිවේද ඇදකින් මෙන්ම සියලු වෛද්‍ය උපාංග වලින් සමන්විත වන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ප්‍රදේශ වලට සෞඛ්‍ය සේවා කටයුතු සදහා යෙදවීමට හැකිවන ලෙස මෙම ජංගම රථ සකස් කර ඇත.
ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයට ඇදන් සියයක්, ජෛයිව ආරක්ෂණ කැබිනට් , ශීතකරණ, CPAP යන්ත්‍ර, ඇතුලු තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් ඊට ඇතුලත් වේ.
මෙම ප්‍රධානය භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ …….
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් ලබා දීම පිළිබදව ජපන් රජයටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළටත් විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතු බවත් , ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය අංශය ලෝකයේ දියුණු රටවල මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයන්ට සමාන බව දත්ත මගින් පෙන්වා දී ඇති බවද අවධාරණය කලේය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් ගුණාත්මක විධිමත් හා කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන විශිෂ්ඨ මානව සම්පත බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ,
කොවිඩ් සමයේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම ඊට ලගම උදාහරණය ලෙස ගෙනහැර දැක්වය හැකි බවත්,ඒ සදහා ජපනය වැනි ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ වැනි සංවිධානද මනා දායකත්වයක් දැක්වූ බවද පැවසීය .
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා ගුණාත්මක අයුරින් පවත්වා ගෙන යාම සදහා ලබා දෙන සහය අගයන බවත් , ඉදිරියටත් එම සහය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සදහා අපේක්ෂා කරන බවද කීහ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් , ප්‍රදානයන් හා ජාත්‍යන්තර සබදතා ප්‍රධාන සම්භන්දීකාරක වෛද්‍ය අන්වර් හම්දානී, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත Kunle Adeniyi යන මහත්වරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක්ද සහභාගි වූහ.