පසුගිය කාල සීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස තිබෙනවා.
මෙලෙස මිලගණන් පහළ ගොස් ඇත්තේ ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන පළතුරු වර්ග කිහිපයක මිලයි.
කෙසේ වෙතත් දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පළතුරු වල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින බව ද වාර්තා වනවා.