Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාරය මහවැලි කලාප ජනතාව ලද ජයග්‍රහණයක්

    ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාරය මහවැලි කලාප ජනතාව ලද ජයග්‍රහණයක්

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
    2024-02-15කියවීමට මිනිත්තු 4ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය වන්නැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමකට, ආසියානු සංවර්ධන බැංකුවෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

    ඒ අනුව, (SMART AGRICULTURE) නවීන තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ත්ව පාලන අංශයන්හි සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත.

    පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේ, මහවැලි කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය (SMART AGRICULTURE ) කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට මූල්‍ය සහාය මෙන්ම, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ලබාදීමට ද සහාය වන ලෙස යි.

    මෙම ඉල්ලීම සලකා බැලූ ආසියානු සංවර්ධන බැංකුව, කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් ඵලදායිතාව උසස් මට්ටමකට ගෙන ඒම සඳහා වන වැඩසටහන් වෙනුවෙන් මෙම ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළකර තිබේ.

    අද (14) පෙරවරුවේ මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් කැඳවා පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාරය මහවැලි කලාප ජනතාව ලද ජයග්‍රහණයක් බව යි.

    වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතාවය හමුවේ, රටට අවශ්‍ය ආහාර රට තුළ ම නිෂ්පාදනය කර ගැනීමට උනන්දු කරවීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ අභිලාෂය වී තිබේ.

    ඒ සඳහා මෙවර අයවැය යෝජනා තුලින් ද අවශ්‍ය මඟපෙන්වීම ලබා දී ඇත. කෘෂිකර්මාන්තය නවීකරණය (modern agriculture) සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තුළින් රටට අවශ්‍ය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනේ.

    මහවැලි කලාප තරුණ තරුණියන් සුහුරු තාක්ෂණය සහිත කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් වර්ධනය කර දීමෙන් මහවැලි ගොවි ජනතාව ගේ ආදායම 200% කින් ඉහළ දැමීමට හැකි බව ද සඳහන් කළාය.

    මහවැලි කලාප ගොවි ජනතාව මෙරට ජාතික ආර්ථිකය වෙනුවෙන් ලබාදෙන්නේ විශාල දායකත්වයකි. (SMART AGRICULTURE ) නවීන තාක්ෂණය යටතේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමෙන් අනාගතයේදී මහවැලි ගොවි නිෂ්පාදන විදේශ වෙළඳපල කරා ගෙන යමින්, රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

    ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 08 ක මුදල, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ජල සුරක්ෂිතතා සහ ආයෝජන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට හිමිවන අතර එම මුදල් වැය කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට වැඩ සැලැස්මක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව මහවැලි කලාප වල කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් ද, සුහුරු තාක්ෂණය සහිත ආහාර බෝග වගාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් යෙදවේ. එම මුදල් ආරක්ෂිත ගෘහ වගාව, බිංදු ජල සම්පාදනය සඳහා ද යොදා ගැනේ. කුකුළු ගොවිපළ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 1.5 ක් ද යෙදවීමට පියවර ගැනේ.

    මහවැලි කලාපවල කිරි ගොවීන් 12940 ක් සිටින අතර, ඉකුත් වසරේ නිෂ්පාදනය කරන ලද දියර කිරි ප්‍රමාණය ලීටර් මිලියන 54.8 කි. එම ප්‍රමාණය ලීටර් මිලියන 70 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරේ. දියර කිරි නිෂ්පාදනයට ප්‍රධාන බාධකය වී ඇත්තේ පෝෂණීය තෘණ බිම් සීමාසහිත බැවින්, කිරි දෙනුන්ට නිසි ලෙස ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවය යි. තවද, අභිජනන කටයුතු සඳහා පහසුකම් අවම වීමෙන් නීරෝගී දෙනුන් ගේ හිඟයක් ද පවතියි.

    යෝජිත වගා වැඩසටහන යටතේ අපනයනය ඉලක්ක කරගනිමින් මහවැලි කලාපවල තෝරාගත් ගොවි පවුල් 1300 ක් යොදා ගෙන එක් පවුල් ඒකකයක් සඳහා අක්කර කාලක හරිත ගෘහ මිරිස් වගාවට යොමු කෙරෙන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට පියවර ගැනේ.

    මීට අමතරව මහවැලි කලාප තරුණ තරුණියන් 3000 ක් සම්බන්ධ කරගනිමින් සුහුරු තාක්ෂණය යටතේ ආහාර බෝග වගාව සිදු කිරීමට නියමිතය. විශේෂයෙන් ආරක්ෂිත ගෘහ වගාව (polytunnel), විසුරුම් ජල සම්පාදනය, ආදි අංශ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකෙරේ.

    ඉකුත් වසරේ මහවැලි කලාප තුළ කුකුළු ගොවිපළ වල බිත්තර නිෂ්පාදනය මිලියන 62 ක් බව මහවැලි අධිකාරිය පෙන්වා දෙයි. එම සංඛ්‍යාව මිලියන 100ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කෙරේ. බිත්තර නිෂ්පාදනයට ද බලපෑමක් වී ඇත්තේ කුකුළු ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවය යි. කුකුළු පැටවුන් සපයා ගැනීමේ දුෂ්කරතාවය ද එම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ මෙම මූල්‍ය ආධාර යටතේ උක්ත ගැටලු සඳහා සාධනීය විසඳුම් ළඟා කර ගැනීමට  අපේක්ෂා කෙරේ

    පෙර පුව​තඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුඩු සලඳුගේ ප්‍රධාන ගෝලයා දිවයිනට රැගෙන එයි
    ඊළඟ පුව​ත අතේ දෙන්නෙක් දුරකතනය අතට ගනී

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group