රට මුහුණ පා තිබෙන ආර්ථික අවපාත තත්වය නුදුරු දිනයකදීම අවසන් කොට ශක්තිමත් ආර්ථිකයක් කරා රට මෙහෙයවා ගැනීමට ජනාධිපතිවරයාගේ ගමන සඳහා අපේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා එලෙස කියා සිටියේ මාතලේ උකුවෙල ගුරලවෙල දකුණ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ණය ප්‍රශස්ථිකරණය තුලින් ඊට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා ගතයුතු උපාය මාර්ගික ආර්ථික වැඩපිළිවෙල සඳහා අප සැම එකතුවිය යුතු කාලය එලඹ ඇති බවයි.

මේ කාලයේ   පක්ෂ දේශපාලනය තරමක් දුරට නවතා රට ගොඩනැගීමේ අළුත් වැඩපිළිවෙලට එක්විය යුතු බවත්, පළමුව රට යන සංකල්පය අප මනා සේ වටහා ගත යුතු බවද පැවසීය.

නැවතුන අරගල සමයෙන් පසු ආර්ථික දුබල හා කාලයක් යලි ඇති නොවීමට නම් වියදම් පාලනය කාර්යක්ෂම සේවය වැනි ශීර්ෂ ඉහලට ගෙන කටයුතු කල යුතු යැයිද පැවසූ අතර විශේෂයෙන් රට සවිමත් යුගයකට රැගෙන යාමේ ජනාධිපතිතුමන්ගේ අභිප්‍රාය සඳහා අපද එක්විය යුතු බවත් ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ප්‍රථමයෙන් ග්‍රාමීය ආර්ථිකය සවිමත්කොට ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ වැඩසටහනක් හා එක් විය යුතු සමහ එළඹ ඇති බව දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා උකුවෙල ගුරලවෙල මහජන නියෝජිතයන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

 

WhatsApp Group

Skip to content