ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අතරයි.
ආබාධ සහිත වූවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සපයන සේවා තවදුරටත් පුළුල්ව සහ විධිමත්ව සැපයීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
ඒ සඳහා ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහදි මෙහිදී අවධානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ .
ආබාධ සහිත වූවන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර දීමනා ඉහළ නැංවීම, ඔවුන් සවිබල ගැන්වීමට අවශ්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණා.
එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආධාර සැපයීම, ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය සඳහා ආධාර සැපයීම යනාදිය ජනාධිපති අරමුදල හරහා සිදු කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- රුසියාවේ භූ කම්පනයක්
- රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට සැලසුම්
- වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක කෙරේ
- කොටපොළ සමූපකාරයේ බලය විපක්ෂයට
- කෙහෙළියගේ පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ
- විභාග මධ්‍යස්ථාන 2,362ක් සූදානම් — උසස් පෙළ නොවැම්බර් 10 සිට දියත් කෙරේ
- රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකිකයෙකු මාට්ටු
- පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ













