ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට ආරම්භ කළ බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පිහිටුවනු ලැබූ කමිටුවක් මගින් මෙම තක්සේරු කිරීම් සිදු වනවා.
ඒ අනුව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ලබා දෙන අතර නැවත පදිංචියට රුපියල් 50,000 ක මුදලක් නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමනක් ලබා දීමට රජය කටයුතු කරනවා.
එමෙන්ම ආපදාවෙන් නිවාස අහිමි හෝ සම්පූර්ණයෙන්ම ජීවනෝපාය අහිමි වු පවුල් සදහා සාමාජිකයන් දෙදනෙකු හා ඊට අඩු පවුල්වලට රුපියල් 25,000 ක් ද සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි පවුල් සඳහා රුපියල් 50,000 ක් ද මාස තුනක් යන තුරු ලබාදෙනු ඇති.
පදිංචි වීමට නිවසක් නොමැති පවුල්වලට කුලී නිවසක රැදී සිටීමට උපරිම මාස හයක් දක්වා රුපියල් 25,000 බැගින් ලබා දීමට ද රජය තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













