අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කරනු ඇති.
මේ අතර ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ හේතුවෙන් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්











