ආනයනික බිත්තරයක් රුපියල් 30ක මුදලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
නිරෝධායන නීති අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට බිත්තර ආනයනය සදහා අවසර හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
හඬ පට ධාවකයආනයනය කළ බිත්තර, නිෂ්පාදකයින් වෙත ලබා දීම මගින් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල අඩුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.
හඬ පට ධාවකය