ඊශ්‍රායලය සහ ඉරානය වෙහෙසට පත්ව සිටියද දෙරට අතර ගැටුම නැවත ආරම්භ විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සමගාමීව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉරානය සමග ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමටද තම පරිපාලනය සැලසුම් කර ඇති බවයි. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කිරීමට ද හේතු වූයේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීම බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එම සාකච්ඡා ලබන සතියේ යළිත් පැවැත්වීමට තම පරිපාලනය සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














