අද (01) දහවල් අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස වෙඩිවැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මෙම වෙඩිතැබීම සිදුකළ අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලා ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content