ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට පවුල් දාහතර ලක්ෂ හයදහස් නමසිය තිස් දෙකක් සඳහා රුපියල් මිලියන 8,775 ක මුදලක්  ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ලද පිරිස් වෙත ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා

WhatsApp Group

Skip to content